දේශපාලන

රනිල්ටයි, අකිලටත් අවස්ථාව ලබලා දෙන්න සළකා බලන්න පුළුවන් – සුජීව

රනිල් වික්‍රමසිංහට යටත් නොවන මහලේකම්වරයෙක් පත් කරගැනීමටත් තමන්ට හැකි වී තිබෙන බවත් ඒ අනුව සමගි ජන බලවේගයෙන්, රංජිත් මද්දුමබණ්ඩාරගේ මහලේකම්ධූරය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වීමට තමන් තීරණය කර ඇති බව සුජීව සේනසිංහ පවසනවා.

ඔහු පවසන්නේ එක්ව ගමනක් යෑම සඳහා පැමිණෙන්නේ නම් රනිල් වික්‍රමසිංහටත්, අකිල විරාජ් කාරියවසම්ටත් සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවයි. මාර්තු 4 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායම මින් ඉදිරියට එජාප කෘත්‍යාධීකාරි මණ්ඩලය නොසළකා හරින බවත් ඊට සහභාගී නොවන බවත් රනිල් වික්‍රමසිංහගේ උත්සාහය එජාප මහලේකම්ධූරය රැක ගැනීම බවත් සුජීව සේනසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top