දේශපාලන

රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පොහොට්ටුවෙන් ගම්පහට!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පසුගිය කාලය පුරාවට සක්‍රීය දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ඉඟි පළ කර සිටියේය. ඒ අනුව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ උවිඳු විජේවීර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් උවිඳු විජේවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ තීරණයට හේතු වී ඇත්තේ උවිඳු විජේවීරගේ පුද්ගලික මතවාදය බවත් එම මතවාදය හා වඩාත් ගැලපෙන දේශපාලන ධාරාව වී ඇත්තේ පොහොට්ටුව බවත් උවිඳු විජේවීරට හිතවත් ආරංචි මාර්ග කියා සිටී. ඔහු ජාතිකවාදී චින්තනයක් සහිත පුද්ගලයෙකු බවත් සිංහල බෞද්ධ පදනම විශ්වාස කරන ප්‍රගතිශීලි තරුණයෙකු බවත් එම ආරංචි මාර්ග කියා සිටී. මීට පෙර උවිඳු විජේවීර කියා සිටියේ තමන් මාක්ස්වාදියෙකු නොවන බවයි. ඒ අනුව ඊට වඩාත් ගැලපෙන දේශපාලන ධාරාව වන්නේ පොහොට්ටුව බව ඔහු තීරණය කර ඒ සමග එක්ව තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු පොහොට්ටුව හා ඍජුව එක්වෙනවාද නැතහොත් වෙනත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය පොහොට්ටුව සමග සන්ධානගත වී එක්වෙනවාද යන්න අනාවරණය වී නැත.

උවිඳු විජේවීර රුසියාවේ විශ්ව විද්‍යාලයකින් සිය මුලික උපාධිය හා පශ්චාද් උපාධිය හදාරා ඇති අතර මේ වන විට සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින බව වාර්තා වේ.

සම්බන්ධිත පුවත්
විජේවීරගේ පුත් උවිඳු ගෝඨාභය දෙසටද?

Rivira FB Group Rivira Youtube
To Top