දේශීය පුවත්

විදෙස්ගතව පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්යමණ්ඩල නියෝජිතයින් අනිවාර්ය නිරෝධායනයකට යොමුකරයි

චීනය, දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

මේ වන විට, ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ තොරතුරු වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top