සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 6 වැනි සිකුරාදා දින පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟය කඩුළු 7කින් ජය ගැනීමට කොදෙව්වන් සමත් විය. ඒ අනුව, විස්සයි විස්ස තරඟාවලියේ ජය 2ට 0ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවස්ථාව හිමි විය.
කාසියේ වාසිය දිනූ කොදෙව් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලබා දුන් අතර පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එහිදි, පන්දු 24කට ලකුණු 31ක් ලබා ගැනීමට දසුන් ශානකට හැකි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. එහිදී කැපී පෙනෙන පිති හරඹයක නිරත වුන ආන්ද්‍රෙ රසල් පන්දු 14ක් තුළ දී ලකුණු 40ක් ලබා ගත්තේ ය. එසේම, බ්‍රැන්ඩන් කින්ග් ලකුණු 43ක් සහ ශිම්රන් ලකුණු 43ක් ලබා ගත්හ.
තරඟාවලියේ වීරයා සම්මානය සහ තරඟාවලියේ වීරයා සම්මානය යන ද්විත්වයම අන්ද්‍රෙ රසල් හට හිමි විය.

