හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා විසින් මඩකලපුව ප්‍රදේශයේ ඉදිකළ ආන්දෝලනාත්මක විශ්ව විද්‍යාලයක් වන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් පරිශ්‍රය කොවිඩ්-19 කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කළ යුතු පිරිස් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
සියළු පහසුකම් සහිත වීමත් හුදෙකලා හා ජනශූන්‍ය ප්‍රදේශයක ඉදිකර තිබීමත් නිසා වසාදමා ඇති එම ආයතනය ඒ සඳහා යොදා ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රජයට නිර්දේශ කර ඇති බව සඳහන්.
ඒ අනුව ඒ බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම විශ්ව විද්‍යාලය අයත් හිරාත් සමාගමට “අදාළ පවරා ගැනීම” පිළිබඳ නිල දැනුම් දීම සිදුකර තිබෙනවා. එහි දැක්වෙන පරිදි වසංගත රෝග නිවාරණ පනතේ බලතල ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු කෙටි කාලයක් සඳහා එම ස්ථානය රජයට පවරා ගැනීමට කටයුතු කළ බව දැනුම් දී තිබෙනවා.


