ක්‍රීඩා

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමයට පැමිණි ජනපති ගෝඨාභයට ඉහළ ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ ප්‍රධානතම පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය මෙවර සුලෝහිත සංග්‍රාමයේදී එකිනෙකා මුණගැසෙන්නේ 91 වන වරටයි.

මාර්තු 7 සහ 8 යන දෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී තරඟ පැවැත්වේ. 91 වැනි සුලෝහිත සංග්‍රාමය ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් සංවිධානය කර ඇති තරඟයයි.

ජනාධිපතිවරයා, කතානායක, ඇමතිවරු, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ප්‍රමුඛ ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන තනතුරු රැසක් ආදි ආනන්දීයන් විසින් හොඹවන අවස්ථාවක පැවැත්වෙන මෙම තරඟාවලිය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

මේ අතර තරඟයේ පළමු දිනය සඳහා විශිෂ්ඨ ආදි ආනන්දීයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී තිබෙන අතර ඔහුට උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. සෑම කුටියක් සඳහාම ජනාධිපතිවරයා සහභාගී වන බව දැනගැනීමට තිබේ.

පහත දැක්වෙන්නේ ආනන්ද මෙරූන්ස් කුටියට ජනාධිපතිවරයා පැමිණෙන විට ලැබුණු ප්‍රතිචාරයයි.

Rivira FB Group Rivira Youtube
To Top