ඉදිරි කාලය තුළ යළිත් ජාතික දේශපාලනයට පිවිසීමට අදහසක් නැති බවත් සිය ඉතිරි දේශාපාලන ජීවිතය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
මාර්තු 6 සිකුරාදා මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති තරුණ කාන්තා ගොවි නියෝජිත හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
“උකුසු කතාව” අල්ලාගෙන තමන් ඉලක්ක කරගනිමින් මාධ්‍ය හරහා පිටස්තර පුද්ගලයින් කුමන මඩ ප්‍රහාර එල්ල කළ ද පොළොන්නරු ජනතාව තමන් වැළඳගන්නා බව බවත්, පිටස්තරයින් ගහන්න ගහන්න ඔවුන් තමන් සමඟ ළංවන බවත් පිටස්තර පුද්ගලයින් දැනගත යුතු බව ඔහු අවධාරණය කළේය.

