,

පාර්ලිමේන්තු මන්ත්‍රීන් වසර 4න් විශ්‍රාම වැටුප් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීම සඳහා සම්පූර්ණ කළ යුතු සේවා කාලය වසර පහක් විය යුතු වුවද එය වසර හතරක් දක්වා අඩු කරන ලෙස විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ හිටපු මන්තී‍්‍රවරුන් රැසක් හිටපු කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා කිරීම බව ද වාර්තා වේ.

එබැවින් විශ‍්‍රාම වැටුප හිමි විය යුතු කාලය ද වසර පහේ සිට වසර හතර දක්වා අඩු කළ යුතුව ඇති බව මන්ත්‍රීවරුන්ගේ යෝජනාවේ සඳහන් වී තිබේ. මෙතෙක්
ඒ සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය ප්‍රකාශ කර නැති අතර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයට යොමු කර හෝ නැති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුව පසුගිය මාර්තු 02 සඳුදා විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 62කුට විශ‍්‍රාම වැටුප අහිමි වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 20ක්ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 06ක්ද සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත‍්‍රීවරයකු ද සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම් වැටුප් ගෙවීමට අදාළ පනත අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාම වැටුප වශයෙන් හිමිවනුයේ දීමනා රහිත සිය මූලික වැටුපෙන් තුනෙන් එකක ප‍්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍රවරයකුගේ දීමනා හැර මූලික වැටුප රුපියල් 54000 ක් වන අතර විශ්‍රාම වැටුප වන්නේ රුපියල් 18000කි.

8 වැනි පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුව විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව ලෙස රුපියල් 25000 ක්ද මන්ත්‍රීවරයෙකුට ගෙවීමට තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විශ්‍රාම වැටුප ලෙස රුපියල් 18000 ක්ද, විශ්‍රාමික මන්ත්‍රී දීමනාව ලෙස රුපියල් 25000 ක්ද වශයෙන් රුපියල් 43000ක පමණ මුදලක් විශ‍්‍රාම වැටුප ලෙස මන්තී‍්‍රවරයකුට හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

-ළහිරු බණ්ඩාර

Rivira Ads

One thought on “පාර්ලිමේන්තු මන්ත්‍රීන් වසර 4න් විශ්‍රාම වැටුප් ඉල්ලයි

  • March 9, 2020 at 6:23 am
    Permalink

    I have served the Central Bank Of Sri Lanka for 25 years from september 1968 through to 1993 but Ranil wickramasinghe,s govt has taken every step possible to prevent the Bank from giving my pension. So I do not see any reason why these MP,s who has only served four years in Parliament demand a pension.

Comments are closed.