දේශපාලන

“එජාප අය අත්අඩංගුවට ගන්න යද්දි ජවිපෙට රිදෙනවා” – ප්‍රසන්න රණතුංග

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට යාමේදී ජනතා විමුක්ති පෙරමුණ රිදවාගන්නා බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

මාර්තු 8 ඉරිදා පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග කියා සිටියේ පසුගිය කාලය පුරාවට එජාපය සමග වැඩ කරපු ජවිපෙ ඔවුන්ගේ මුදල්වලින් යැපෙමින් සිටින බවයි. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී ජනතා විමුක්ති පෙරමුණ කළබල වීම සිදුවන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම වගකිව යුතු ඉහළ පිරිස් නිදැල්ලේ සිටියදී රවී කරුණානායක පමණක් අත්අඩංගුවට ගැනීමට යාම ප්‍රශ්නයක් බවද ඔහු පෙන්වා දුන්නා. ඔහු කියා සිටියේ එම අත්අඩංගුවට ගැනීම්වලට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සම්බන්ධ නැති බවත් පැවති රජයෙන් ඊට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යොමු කර තිබූ බවත් ඔවුන්ට අමතක වී ඇති බවයි.

ඒ අනුව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජයේ කිසිඳු බලපෑමක් නැති බවද ඔහු කියා සිටියා. ඔහු පැවසුවේ එවැනි තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණද අනිසි බියක් ජනතාවට පෙන්වීමට කටයුතු කරමින් සිටින බවයි.

Rivira FB Group Rivira Youtube
To Top