නව රජය පත්වූ වහාම වැලි ප්‍රවාහනය කිරීම සඳහා වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කර දැමුවා. ඒ එම ක්‍රමවේදය දූෂිත බව කියමින්. ඒ අනුව වැලි ප්‍රවාහනය සඳහා නව ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
කෙසේ වෙතත් පැවති ක්‍රමය ඉවත් කිරීමත් සමග හොරෙන් වැලි ගොඩ දැමීම වැඩි වූ බවට ද චෝදනා එල්ල විය. මේ තත්වය අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල කියා සිටියේ මාර්තු 16 වැනිදා සිට නව බලපත්‍රය ක්‍රමය ක්‍රියාත්මක වන බවයි. එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම් වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් සභපතාවරයා අවධාරණය කළේය.
මේ අතර පොළොන්නරුව තුළ රජයේ ඇමතිවරුන්ගේ යැයි කියමින් ඉදිරිපත් කෙරෙන නියෝග හරහා වැලි ජාවාරම් සිදුවන බවට බරපතල චෝදනා එල්ල වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් pnews@rivira.lk යන ඊමේල් ලිපිනයට ඡායාරූප ඇත්නම් ඒවාද සමග තොරතුරු ලබා දිය හැක.

