එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.
කොටසක් එජාපයටත්, තවත් කොටසක් සමඟි ජන බලවේගයටත් බෙදෙන අතර තවත් පිරිසක් කළකිරී ඡන්දය නොදී සිටීමටත්, පක්ෂය ගැනම කළකිරුණු පිරිස් පොදුජන පෙරමුණට ඡන්දය දීමටත් හැකි බව රුවන් විජයවර්ධන පෙන්වා දුන්නේය. ඔහු මේ බව සඳහන් කළේ මාර්තු 8 ඉරිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පක්ෂය කොටස් දෙකකට බෙදීමෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් මතුව තිබෙන බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ එහි වාසිය ලැබෙන්නේ රටට හෝ ජනතාවට නොව රාජපක්ෂවරුන්ට බවයි.
ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්ව ඇති බවත් එම ආණ්ඩුව පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය එක්සත්ව මහ මැතිවරණයට තරඟ කළ යුතු බව රුවන් විජයවර්ධනය කියා සිටියා. එම නිසා නාමයෝජනා දිනට පෙර හෝ යම් එකඟතාවක් ඇතිකරගැනීමේ අරමුණින් දැනටමත් සාකච්ඡා පවත්වාගෙන යන බව අනාවරණය කළ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ එකමුතුව ඇතිවන තැනක් වේ නම් ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට දෙපාර්ශවයම සූදානම් විය යුතු බව අපේක්ෂාව බවයි.
ජනතා විරෝධී ගමනක් යමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට නම් එදා මෙන්ම අදද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එක්ව කටයුතු කළ යුතු බව තම විශ්වාසය බව ද රුවන් විජයවර්ධන කියා සිටියේය.

