ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මාර්තු 10 අඟහරුවාදා පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම නිවේදනය අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශය, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව සඳහන්.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරාම ගම්පහ දිස්ත්‍රික්කයට අඛණ්ඩව ජය සැපයුම ලබා දී නැත. ඒ බව නිල වශයෙන් මාධ්‍ය හරහා දැනුවත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් විමසීමේ දී ජාතික ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ වියලි කාලගුණික තත්වය හේතුවෙන් අඛණ්ඩව ජල සැපයුම ලබා දිය නොහැකි බවයි.
සම්බන්ධිත පුවත්
1 ගම්පහ ප්‍රදේශ රැසක ජල සැපයුම යළිත් අත්හිටුවයි – ආණ්ඩුවට බරපතල චෝදනා
2 රජය නොදන්වාම වතුරත් කපයි

