යාවත්කාලීන කරන ලදී
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ලාංකිකයින් ඇතුළු සියළු දෙනා දින 14 අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් කර ඇති බවත් ඔවුන් මඩකලපුව හා කන්දකාඩු මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
එහෙත් මේ වන විට මාධ්‍ය ඔස්සේ කියන පරිදි ආහාරපාන සඳහා මුදල් අය කිරීමක් කිසිසේත් සිදුනොකරන බව යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළා. ඔහු පවසන්නේ මෙය රජය හා හමුදාව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදුකර ඇති යමක් බව තම විශ්වාසය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.
අනිවාර්ය නිරෝධායනයට මුදල් අය කෙරේ, පානීය ජලයත් මුදලට (මුල් වාර්තාව)
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය ඇතුළු කොවිඩ් 19 වෛරසය දැඩි ලෙස පැතිරී ඇති රටවල සිට මෙරටට එන පිරිස් දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලකර කර තිබේ.
ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කන්දකාඩු මධ්‍යස්ථානය වෙන් කර තිබේ. කෙසේ වෙතත් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාරපාන වෙනුවෙන් මුදල් ගෙවීමට නිරෝධායනයට ලක්වන පිරිස්වලට සිදුවී තිබේ. ඒ සම්බන්ධයෙන් එම ස්ථානයන් වෙත යොමු කල පිරිස් සිය කණස්සල්ල පළ කර සිටී.
නිරෝධායන කාල සීමාව තුළ අවශ්‍ය ආහාර වෙනුවෙන් මෙලෙස මුදල් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා දින 14කට ආහාර වේල් තුන සඳහා රුපියල් 7500ක මුදලක් ගෙවීමට සිදුවන බව දැනුම් දී තිබේ. අත්‍යවශ්‍යම පානීය ජලය පවා මුදල් ගෙවා ලබා ගැනීමට සිදුව ඇති බවද වාර්තා වේ.
ඒ අතර දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට මාර්තු 10 අඟහරුවාදා අලුයම ගුවන් මඟින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 181 දෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටී.
ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. ඊට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මඟින් පැමිණෙන සැකසහිත පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.
නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සඳහා වන පෝරමයක් ගුවන් තොටුපලේ දී ලබා දී තිබෙන බවත් එහි එක් කොටසකින් නිරෝධායන කාලයට අදාළ උපදෙස් ලබා දී තිබෙන අතර තොරතුරු ලබා ගැනීමට තවත් කොටසක් වෙන් කර තිබෙන බවත් පවසමින් ඒ හා සම්බන්ධ ලියවිල්ලක් සමාජ ජාල තුළ පළ කර තිබුණා. එම පෝරමයේ පහත කරුණු ඇතුළත්ව තිබෙනවා.
- ඔබට දෙනු ලබන පෞද්ගලික තොරතුරු පත්‍රිකාව නිවැරදි සම්පූර්ණ කිරීමට කාරුණික වන්න. එය ඔබට අවශ්‍ය පූර්ව පහසුකම් සුදානම් කිරීමට මහෝපකාරී වෙයි.
- සෑම විටම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 2 ක පමණ දුරක් තබා ගැනීමට වගබලා ගත යුතුයි.
- දෙදෙනෙකු අතර එකිනෙකාට අතට අත දීමෙන් හා ස්පර්ශ කිරීමෙන් වළකින්න.
- සෑම විටම සබන් දමා අත් සෝදන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔබගේ නවාතැන් අසල පිහිටුවා ඇත. අතසේදීම ප්‍රායෝගික නොවන අවස්ථාවල දී Alcohol Hand Rub භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.
- රෝගය වැළදීමේ ප්‍රවනතාවය, ස්ත්‍රී පූරුෂ භාවය, මධ්‍යස්ථානය වෙත පැමිණි දිනය යන කරුණු 3 සැලකිල්ලට ගනිමින් ඔබට නවාතැන් සඳහා යොමු කරනු ඇත.
- නවාතැන්වලට යාබදව වැසිකිලි සංකීර්ණ පිහිටුවා ඇති අතර, තමන්ට වෙන් කර ඇති වැසිකිලි සංකීර්ණය පමණක් පාවිච්චි කරන්න.
- නිර්මාංශ හා නිර්මංශ නොවන අයවලුන් හට වෙන වෙනම ආහාර සකසන බැවින් ඒ සඳහා අවශ්‍ය විස්තර තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරන්න.
- ඔබට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර, ඒ සඳහා දින 14 ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500 ක මුදලක් අවශ්‍ය වෙයි.
නිරෝධායන මධ්‍යස්ථානය තුළට පැමිණීමේ දී රුපියල් 7500 ක මුදල සමඟින් පැමිණෙන්න විදේශ මුදල් මාරුකර ගැනීමේ පහසුකම් නියෝජිතයකු මඟින් සිදුකර ගැනීමට ගුවන් තොටුපලේ දී පහසුකම් සපයා දී තිබේ. - ඔබට අවශ්‍ය පානීය ජලය ද ආපන ශාලාවෙන් මිල දී ගැනීමට සිදුවන අතර මිල ගණන් ආපන ශාලවේ දක්වා ඇත.
තේ පිළියෙල කිරීම සඳහා උණුවතුර සපයනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආපන ශාලාවෙන් මිල දී ගත හැකියි. - ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ ආපන ශාලාවෙන් මිල දී ගත හැකි අතර මිල ගණන් ඔබේ නවාතැනෙහි දක්වා ඇත.

