මාර්තු 12 වන බ්‍රහස්පතින්දා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වෛරසය ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලාංකිකයාගේ දරුවාට වෛරසය ආසාදිත බවට සමාජ ජාලා තුළ පැතිර යන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අදාළ දරුවා සහ පවුලේ අය ඔවුන්ගේ නිවසේම නිරෝධායනය කරමින් සිටින බවයි. ඔවුන්ව සමාජයෙන් වෙන් කර ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්ෂණ අනුව ඔවුන්ට වැළඳී නැති බව මෙතෙක් තහවුරු වී තිබෙන බවද කියා සිටියා.
කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙනුම ලබන අදාළ දරුවා නිසා ආනන්ද විද්‍යාලය අසල කලහකාරී ලෙස පිරිසක් හැසිරී ඇති බව වාර්තා වුවද ආනන්ද විද්‍යාලය වසා දමා නැති බව ආනන්ද විද්‍යාලය තහවුරු කර සිටියා.
ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සමාජ ජාල තොරතුරු විශ්වාස නොකරන ලෙසයි. නිල තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කෙරෙන බවත් එහි දැක්වේ. ඔවුන් පවසන්නේ අසත්‍ය පුවත් බෙදා හරින්නන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

