පාසල් සඳහා ලබා දෙන අප්‍රේල් නිවාඩුව මාර්තු 13 සිකුරාදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාර්තු 12 දින විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළා.
මෙම තීරණය කිසිඳු තත්වයක් ඇති වී තිබීම හේතුවෙන් ගත් තීරණයක් නොවන බවත් එය පාසල් නිවාඩුව කලින් ලබා දීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එය කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීමට ගත් ආරක්ෂිත පියවරක් පමණක් බවත් මෙතෙක් එවැනි අවදානමක් හෝ මතුව නැති බව අමාත්‍යවරයා අවධාරණය කළා.
පෞද්ගලික අධ්‍යාපන ආයතනද එම තීරණය අනුගමනය කරනු ඇති බව තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම පෞද්ගලික පාසල්ද ඒ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරනු ඇතැයි ඔහු අපේක්ෂා කර සිටී.
ඒ අනුව පළමු වාර විභාගය ද අවලංගු වන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
නව පාසල් වාරය නියමිත පරිදි අප්‍රේල් මස 20 දින ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම පුවතට අදාළව නිල නිවේදනය නිකුත් කිරීමට පෙර යම් මාධ්‍ය ආයතන වෙතින් පුවත් පළ කර සිටීම පිළිබඳ කණගාටුවන බව පැවසූ අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශන පළ කළ සමාජ ජාල ක්‍රියාකාරීන් ඒවායෙන් වළකින ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

