2020 මහමැතිවරණය

මහමැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් තවම නෑ – මහින්ද දේශප්‍රිය

කොවිඩ්-19 වෛරසය පැතිරයාම 2025 අප්‍රේල් 25 දින පැවැත් වීමට නියමිත මහමැතිවරණය සඳහා කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අදහස් දක්වා තිබෙනවා.

මහමැතිවරණය කල් දැමීමේ හැකියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියේ 3 වන උප වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයට දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසුව වුවත්, ඇතිවන හදිසි තත්වයක් යටතේ මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට ඇති බවයි.

එහෙත් මොනයම් ආකාරයකින්වත් නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය ගැසට් කිරීමෙන් පසු කල් දැමීමේ හැකියාවක් නොමැති බව මහින්ද දේශප්‍රිය පැවසීය. ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසමට, මැතිවරණ දිනය පමණක් කල් දැමීමේ බලය හිමි වී තිබෙන බවයි.

කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් මෙතෙක් කර නොමැති බැවින් එවැනි කල්දැමීමක් පිළිබඳ සළකා බැලීමක් හෝ නොමැති බවද කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කල් දමන්නේ නම් එසේ කල් දැමිය හැක්කේ මහමැතිවරණ දිනය පමණක් බවයි මහින්ද දේශප්‍රිය පෙන්වා දුන්නේ.

Rivira FB Group Rivira Youtube
To Top