කොවිඩ්-19

රජයේ සියලුම විශ්ව විද්‍යාල සති දෙකකට වසා දැමේ

දිවයිනේ සියළුම රාජ්‍ය විශ්ව විද්‍යාල දින 14ක කාලයකට සම්පූර්ණයෙන්ම වසා දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බවයි.

ඒ අනුව සති අන්ත පාඨමාලා, බාහිර පාඨමාලා ඇතුළු සියළුම විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු දින 14කට නවතා දමනු ලබන බව ද වැඩි දුරටත් කියා සිටියා.

එසේම සියළු පෞද්ගලික විශ්ව විද්‍යාලද එම තීරණය අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවද ඔහු කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top