කොවිඩ්-19

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වෛරසයට මුහුණ දීමට රජය ගන්නා ක්‍රියමාර්ග රටට හෙළි කළ යුතු බව එම නිවේදනයෙන් එජාප නායකයා පෙන්වා දෙනවා. පාසල් දරුවන්ට නිවාඩු ලබා දීම එක් යහපත් පියවරක් එම නිවේදනයෙන් කියා තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති බව එම නිවේදනයේ දැක්වේ. ඇමෙරිකාව, යුරෝපය සහ අසියානු රටවල් ඒ සඳහා මුහුණ දීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් ප්‍රකාශයට පත් කර ඇති බව සිහිපත් කරන රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සිටින්නේ දියුණු රටවලට පවා මෙම වෛරසයට මුහුණු දීමට සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්වයකදී ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇති බවයි.

මෙම තත්ත්වය මත කොවිඩ්-19 වෛරසයට මුහුණ දීම සඳහා රජය මූලික වී රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඒ සඳහා රජයට පූර්ණ සහය ලබාදෙන බවත් රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
To Top