රටතුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක, එජාප නියෝජ්‍ය නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
නිවැරදි කරගත යුතු තැන් හා හදාගත යුතු අඩු පාඩු ඇති බවත් ඒවා පෙන්වා දීම දේශපාලනික වශයෙන් පහර ගැසීමක් ලෙස අර්ථ කථනය නොකළ යුතු බවත් සියළු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ නායකයා පෙන්වා දුන්නේය.
මාර්තු 13 සිකුරාදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස කියා සිටියේ රට ගැන සිතා ජනතාවට ප්‍රමුඛතාවයක් ලබා දී කිසිදු දේශපාලන වාසි හෝ අවාසි දෙස නොබලා මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු බවයි.
විපක්ෂය එක් කණ්ඩායමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ජනතාවගේ හා රට පැත්තෙන් ලබා දිය යුතු උපරිම සහයෝගය ලබා දීමට සුදානම් බවද සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
සියලු දෙනා එක්ව මධ්‍යස්ථ ආකාරයෙන් මේ ගැන සාකච්ඡා කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට විපක්ෂ නායක ලෙස තමා සුදානම් බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

