කොවිඩ්-19

බලවත් රටවල් රැසකට ශ්‍රී ලංකාව සංචාරක තහනමක් පනවයි

කොවිඩ්-19 වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාවට ඇතුල් වීම වැළැක්වීම සඳහා වෛරසය දැනට පැතිරී තිබෙන රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ලොව බලවත් රටවල් රැසකට මෙලෙස ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මාර්තු 13 සිකුරාදා කියා සිටියේ ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා දැනටමත් එම තහනම ක්‍රියාත්මක ඇති අතර එය මාර්තු 14 දින සිට ක්‍රියාත්මක වන බව කියා සිටියා.

මේ අතර එම රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් එක් කර තිබෙන අතර එම රටවල්වලින් මාර්තු 15 වන දින රාත්‍රියේ සිට සංචාරක තහනම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

අදාළ නියෝගය ප්‍රකාරව මාර්තු 15 වන දින සිට එම රටවල්වල සිට කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස කියා සිටියේය.

එහෙත් මෙම රටවල් අතරට චීනය එක්ව නොතිබීමද විශේෂත්වයක් වන අතර මාර්තු 12 පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ කියා සිටියේ චීනයේ අවදානම් තත්වය පහව යමින් ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top