2020 මහමැතිවරණය

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ මහනුවරින් නාම යෝජනා බාර දෙයි

2020 අප්‍රේල් 25 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා මාර්තු 13 සිකුරාදා වන විට පිළිගත් දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දී තිබෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මෙලෙස නාම යෝජනා බාරදුන් පිරිස අතර මහසොහොන් බලකාය සංවිධානයේ අමිත් වීරසිංහ නායකත්වය දරන ස්වාධීන කණ්ඩායමක් මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා බාර දී තිබෙනවා. එම සංවිධානය ඉදිරි මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනමට විශාල බලපෑමක් සිදුකරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂ 4ක්ද නාම යෝජනා බාර දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක වලටත්, ජන සෙත පෙරමුණ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක වලටත් නාම යෝජනා බාරදී තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම් ලෙස චමින්ද සංජීවගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මාතලේ දිස්ත්‍රික්කයටත්, ආල්වාප්පිල්ලයි කුරුකලන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් යාපනය දිස්ත්‍රික්කයටත්, හියුබට් රංජිත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයටත් සහ දේව්‍යලාගේ නන්දසිරිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් බදුල්ල දිස්ත්‍රික්කයටත් නාමයෝජනා බාරදී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top