කොවිඩ්-19

පෝලන්ත සංචාරකයින් 4ක් කටුනායක පිටවීමේදී කොවිඩ්-19 බවට සැකපිට IDH රෝහලට

පෝලන්ත ජාතිකයින් 4 දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කර කටුනායකින් පිටත් වීමට යාමේදී සිදුකළ උණ පරීක්ෂණයේදී වෛරසය ආසාදිත බවට ඇති වූ සැකයක් හේතුවෙන් කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාර්තු 14 උදෑසන කටුනායකට පැමිණි අදාළ සංචාරකයින් සිව්දෙනා සම්බන්ධයෙන් කළ මූලික උණ පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත බවට සැක මතුව තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඔවුන්ව IDH රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top