දිවයිනේ ඇති සියළුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වහාම වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මාර්තු 14 සිට නැවත දැනුම් දෙන තුරු සියළුම චිත්‍රපට ශාලා වසා දමන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව හරහා අදාළ දැනුවත් කිරීම් මේ වන විටත් කර ඇති බවයි චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කළේ.
පැතිරී යන කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමේ අරමුණින් ගත් පූර්ව ආර්ක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සිදුකළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කියා සිටී.

