ලොව විශාල ඉල්ලුමක් සහිත ආහාර අතර චීන ආහාර විකිණූ චීන අවන්හල් සහ ඉතාලියානු ආහාර අලෙවි කළ ඉතාලි අවන්හල් සඳහා පැවති ඉල්ලුම සැළකිය යුතු ලෙස අඩු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලන්ඩනයේ බොහෝ චීන හා ඉතාලි අවන්හල් පාරිභෝගිකයින්ගෙන් තොර කලාපයන් බවට පත්ව තිබෙනවා. එම අවන්හල්වලට අමතරව ඉතාලි ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන අවන්හල් සඳහා පැවති ඉල්ලුමද නැති වී ගොස් ඇති අතර බොහෝ දෙනා එවැනි ස්ථානවලින් ආහාර ලබාගැනීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.
ඉතාලියානු ආහාර සඳහා ඉල්ලුම අඩුවී නැති වුවත් චීන ආහාර සඳහා ඉල්ලුම අඩුවී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ වෛරසය ආසාදනය වීමට චීන ආහාර බලපා ඇති බව වාර්තා වීමත් සමගයි.
කෙසේ වෙතත් බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ වෛරසය පාලනය කිරීමෙන් පසු වුවත් නැවත එම ආහාර අනුභව කිරීමට ආසාවක් ඇති නොවනු ඇති බවයි. එම ආහාර ඉතාමත් කැමැත්තෙන් මීට පෙර ආහාරයට ගත්තද දැන් වන විට තත්වය ඊට වෙනස් වී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුද්ගලයින් කියා සිටිනවා.
ලොව ජනප්‍රියතම ආහාරයක් වන පීසා ඉතාලියේ ආහාරයක් වන අතර ඒ සඳහා දැනටත් ඉහළ ඉල්ලුමක් පවතිනවා.
චීන අවන්හල් තුළ ඇති ඩෙවල් වර්ග ඇතුළු බත් වර්ග පිළිබඳවද ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා.
ලොව බොහෝ රටවල චීන ජාතිකයින් හා ඉතාලියානු ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන අවන්හල් බොහොමයක් ඇති අතර ඒවාට මෙම තත්වය දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා.

