රජය විසින් පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබිය දී සහ උපකාරක පන්ති පවත්වන වෘත්තීය සංගමයද අදාළ පන්ති දින 14කට නැවැත්වීමට තීරණය කර තිබුණි. එහෙත් එම සංගමයේ සාමාජිකත්වය නොදරන උපකාරක පන්ති කිහිපයක් එම තීරණයට පිටින් පන්ති පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඔවුන් පාසල් නිවාඩුවද යොදාගෙන අමතර පන්ති පවා සූදානම් කර ඇති බව වාර්තා වන අතර ඊට දරුවන්ද සහභාගී කරවීමට දෙමාපියන් කටයුතු කර ඇති බව පෙනී යයි. මෙවැනි තත්වයක් තුළ පවා උපකාරක පන්ති වෙත දරුවන් යොමුකරන්නේ එම දෙමාපියන් දරුවන්ට ඇති ආදරයක් වෙනුවෙන්ද එසේත් නැත්නම් දරුවන් ගෙදරින් යවා ගැනීමටදැයි ප්‍රශ්නයක් ඕනෑම අයෙකුට ඇති විය හැක.
1 වසරේ සිට දරුවන් මරවා ශිෂ්‍යත්ව පන්ති යවන දෙමාපියන් එය සිදුකරන්නේ දරුවන්ට ඇති ආදරයක් වෙනුවෙන් නොවන බව ලියුම්කරුගේ අදහසයි. ඔවුන් තම දරුවන් ඉහළට යැවීමෙන් තමන්ට ඉහළට යාමට උත්සාහ දරණ පිරිසක් බව ලියුම් කරුගේ අදහසයි. දරුවාට කුමක් වුවත් තම අරමුණ වෙනුවෙන් දරුවන් යොමු කරන දෙමාපියන් අප රටේ සිටීම කණගාටුදායක තත්වයකි.
උපකාරක පන්ති පැවැත්වීම නීතියෙන් තහනම් කර නැතිවුවත් සාදාචාර සම්පන්න ගුරුවරුන් අවම වශයෙන් දින 14 කාලය සඳහාවත් උපකාරක පන්ති පැවැත්වීම නතර කළ යුතුව තිබුණි. එලෙස කිරීම තීරණය කර ඇත්තේ වෘත්තීය දේශකයින්ගේ සංගමය පමණි. තිස්ස ජනනායක වැනි ගුරුවරුන් ඔවුන්ගේ පන්ති මේ වන නවත්වා ඇත.
ඒ අතර උපකාරක පන්ති නොනවත්වන පිරිසක්ද සිටී. නමුත් දෙමාපියන් මතක තබා ගත යුතු කරුණක් ඇත. දැන් බොහෝ පිරිසක් විදෙස් ගතව සිට මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සමහරෙක් ගුවන්තොටුපළෙන් පැන ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තාවල පවා සඳහන් වුනා. ඔවුන්ගේ දරුවන්ද සමග ඔවුන් දැන් කාලය ගත කරනවා විය හැක. එම දරුවන් ඔබේ දරුවා යන පෞද්ගලික උපකාරක පන්ති වෙතද එනවා විය හැක. එබැවින් ඔබේ දරුවාද වෛරසයට නිරාවරණය විය හැකි බව පමණක් ඔබ මතක තබා ගත යුතුය.
මෙම ලිපියේ අරමුණ ජනතාව තුළ අනියත බියක් ඇති කිරීම නොවේ. රජය දරුවන්ගේ මතු ආරක්ෂාව වෙනුවෙන් තීරණයක් ගෙන පාසල් වසා ඇති අවස්ථාවක ඉන් අනිසි ප්‍රයෝජන ලබා මුදල් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්ති වෙත දරුවන් සහභාගී කරවීමෙන් ඇති වන අවදානම පෙන්වා දීම පමණක් මෙහි අරමුණ වේ.
-සත්‍යජිත් කරුණාරත්න

