විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
විදේශ සබඳතා අමාත්‍යාංශය මාර්තු 14 නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර සිටියා.
එම සිදුවීම අනාවරණය වීමත් සමග විදේශ සබඳතා අමාත්‍යාංශය ආරක්ෂිත පියවර කිහිපයක් ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ නිලධාරිනිය මාර්තු 13 සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවයි.
ඊට අමතරව ඇය සේවය කළ අංශය සහ ඇය සබඳතා පැවැත්වූ අංශ විෂබීජහරණය කිරීමට අවශ්‍ය පියවර වහාම ගෙන ඇති බවයි. සිය කාර්ය මණ්ඩලයේ සහ අමාත්‍යංශය වෙත පැමිණෙන අයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ද කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද නිවේදනයේ සඳහන්.
මීට අමතරව ඇය සමග කටයුතු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස ද උපදෙස් ලබා දී ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළ කර ඇති තොරතුරු සාවද්‍ය වන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කර සිටියා. ඔහු මාර්තු 14 දිනයේ ද සාමාන්‍ය රාජකාරි කටයුතුවල නියැලී සිටි බවයි ඔවුන් සඳහන් කළේ.

