,
Covid-19

නිරෝධායනයට ලක් නොවූවන් සොයා බුද්ධි මෙහෙයුම්

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියළු මගීන් දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට රජය තීරණය කර තිබිණි. ඒ පසුගිය මාර්තු 10 වැනිදා සිටයි.

ඒ අනුව එසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුටම වෛරසය ආසාදිත බව මාර්තු 15 දින වන විට සොයා ගෙන ඇති අතර ඇතැමුන් වෛරසය ආසාදිත බව සඟවාගෙන රට තුළට ඇතුල් වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ වලදී එවැනි පුද්ගලයින් 2ක් පමණ මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් සමග පැමිණි අයද හඳුනාගෙන තිබෙනවා.

මෙම තත්වය තුළ නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර එනම් මාර්තු 9 වැනිදා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සහ ගුවන් තොටුපළෙන් පලා ගිය පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පලාගිය පිරිස් සොය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව රජය ඉල්ලා සිටින්නේ එම රටවලින් පැමිණ නිරෝධායනයට ලක් නොවූ අය වහාම ළඟම ඇති රජයේ රෝහලට පැමිණ නිරෝධායන කටයුතු ආරම්භ කරන ලෙසයි.

මේ අතර ඇතැමුන් ලබා දී ඇති තොරතුරු එනම් ලිපින සහ දුරකතන අංක වැරදි ඒවා බව හෙළිදරව් වී තිබෙන අතර ඒ හේතුවෙන් එවැනි පිරිස් සහ පලාගිය පිරිස් මෙන්ම 10 වැනිදාට පෙර පැමිණි පිරිස් සොයා බුද්ධි මෙහෙයුම් ආරම්භ කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා. මීට අමතරව දැනට හඳුනාගෙන ඇති පුද්ගලයින් ඇසුරු කළ පුද්ගලයින්ද සොයා නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ස්වෙච්ඡාවෙන්ම පැමිණ නිරෝධායනයට ලක්වීමට ඉදිරිපත් වන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමටද රජය තීරණය කර ඇති බව වාර්තා වේ. එසේ නොමැතිව සැඟව සිට හමුවුවහොත් නිරෝධායන ආඥා පනත යටතේ ක්‍රියා කෙරෙනු ඇති බවද සඳහන්. ඒ යටතේ එවැනි අයට සැඟවීමට සහය දෙන පිරිස් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

Rivira Ads
To Top