,
Covid-19

ඉදිරි සති දෙක තුළ ඇති විවාහ උත්සව සඳහා රජයෙන් උපදෙස්

සියලු රාජ්‍ය හා පෞද්ගලික මෙන්ම පොදු උත්සව සති දෙකක කාලයකට තහනම් කර තිබෙනවා. එහෙත් මෙම කාලසීමාව තුළ කලින් යොදාගෙන ඇති විවාහ උත්සව සඳහා අවස්ථාව ඇති අතර අදාළ විවාහ උත්සව සඳහා සහභාගී කරගන්නා පිරිස හැකිතරම් අවම කරගන්නා ලෙස මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප‍්‍රසිද්ධ රැස්වීම් හා උත්සව ආදිය තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය මාර්තු 14 සෙනසුරාදා පසුවරුවේ නිවේදනය කළා. ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප‍්‍රදේශයකම ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබෙන බවද පොලීසිය කියා සිටියා.

මෙම නියෝගය වසංගත රෝග නිරෝධායන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අතර රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ප‍්‍රතිපාදන සලසා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියා.

Rivira Ads
To Top