,
News

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි දිවිසැරිය නිමාකරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා. පත්‍ර කලාවට විශාල සේවයක් කළ එතුමා මීට සුළු මොහොතකට පෙර තම දිවි සැරිය නිමා කර නික්ම ගොස් තිබෙනවා.

මාධ්‍යවේදියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔහු පුවත්පත් කර්තෘවරයෙකු ලෙස පුවත් පත් ගණනාවක සේවය කර පසුව ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු සේවය කර තිබෙනවා.

“ලක්බිම” පුවත්පතේ ආරම්භක නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස සේවය කළ සමන් වගආරච්චි පසුව “ඉරිදා පෙරමුණ” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කැර තිබේ.

“දිනමිණ” පුවත්පතේ කර්තෘ ධුරය ද හෙබවූ සමන් වගආරච්චි දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසද කටයුතු කළ මාධ්‍යවේදියෙකි.

මාධ්‍ය නිදහස පිළිබඳ නිරන්තර අරගලයක යෙදුණු වගආරච්චි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම්වරයකු ද වේ. මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙසද කටයුතු කර තිබුණා.

ඔහුගේ වියෝව පිළිබඳ රිවිර.lk සාතිශය හා සංවේගය පළ කර සිටින්නෙමු!

Rivira Ads
To Top