රජයෙන් ලබාදුන් නිවාඩුව දීර්ග කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලයි. ලිපියක් යොමු කරමින් ඔවුන් කියා සිටින්නේ තවත් ආසාදිතයින් සිටින බවට ලැබෙන තොරතුරු හේතුවෙන් හා වෛරසයේ ස්වාභාවය හේතුවෙන් අධිකරණ කටයුතු මාර්තු මස 17 සිට 20 දක්වා මූලිකව දිර්ග කරන ලෙසයි.
නීතිඥ කෞෂල්‍ය නවරත්නගේ අත්සනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපියේ මෙසේද දැක්වේ. එය ඉංග්‍රීසි භාෂවෙන් නිකුත් කර ඇති අතර එහි සිංහල අදහස මෙසේය “උසාවි සංකීර්ණ යනු දිනපතා අධික ජනතාවක් පැමිණෙන ස්ථානයක් වේ. එබැවින් වෛරසයක් පැතිර යන අවස්ථාවක එය පතුරුවා හරින ස්ථානයක් බවට අධිකරණය පත් විය හැක. එසේම රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති විශාල රැඳවියන් පිරිසක්ද අධිකරණයට පැමිණෙන අතර ඔවුන්ටද වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩක් ඇත.”
එබැවින් ඔවුන් කියා සිටින්නේ වෛරසයේ පැතිරී යාම හා අයහපත් ප්‍රතිවිපාක සැළකිල්ලට ගෙන සියළු අධිකරණ මාර්තු 17 සිට 20 දක්වා වසා දැමීම සුදුසු බවයි.

නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකරන තෙක් එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයකට රටට නිවාඩු ලබා දෙන ලෙසයි.
එමෙන්ම රට පුරා පිහිටි සියලුම ඇතුළු වීමේ මධ්‍යස්ථාන එනම් වරායන් සහ ගුවන් තොටුපළවල සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසද ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය සංගමය කියා සිටී. මීට අදාළ නිල ලිපියක් ජනාධිපතිවරයාට හා රජයට යොමු කිරීමට කටයුතු කරනු ලබන බවත් එහි දැක්වේ.


