අපදා අවස්ථාවක ජනතාවට නිවැරදි තොරතුරු පමණක් ලබා දීම ජනමාධ්‍ය ආයතනවල මෙන්ම සියලු පුරවැසියන්ගේ යුතුකමකි. එවැනි අවස්ථාවක ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජාතික ආරක්ෂාව බරපතල ලෙස අනතුරට ලක්වීම සිදුවේ.
කොවිඩ්-19 වසංගත තත්වයත් සමග එලෙස ව්‍යාජ තොරතුරු සමාජ ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු මාර්තු 16 දින අත්අඩංගුවට ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනාවරණය කළා.
නිමින්ද ප්‍රියදර්ශන නැමැත්තෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදීත් දුශ්මන්ත අමිල නැමැත්තෙක් රාගම ප්‍රදේශයේදීත් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොණ්ඩා කැපීම සිදු කළ අයෙක් හා ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙස අදාළ දෙදෙනා සේවය කර ඇති බවද අනාවරණය කළා.
ඔවුන් දෙදෙනා විසින් වෛරසය හේතුවෙන් මරණ සිදුවී ඇති බවත් රජය ව්‍යාජ තොරතුරු ලබා දෙමින් සිටින බවටත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ ගිණුම්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යයට පෙන්වීය. පහත ඇත්තේ එම ගිණුම් වන අතර එහි ඇති නම් හා දමා ඇති ඡායාරූප ඔවුන්ගේමද යන්න තහවුරු කර නැත.


පුරවැසියන් අපදා අවස්ථාවලදී තොරතුරු බෙදා ගැනීම පෙළඹෙන නමුත් තමන් බෙදා හරින තොරතුර නිවැරදි තොරතුරක් යන්න 100%ක් තහවුරු කරගෙන බෙදා හැරිය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබ කොතරම් අවංක අදහසින් එය බෙදා හැරියද නීතිය අනුව වැරදිකරුවෙකු වීමට සිදුවේ. එබැවින් මෙවැනි වෙනත් අය විසින් බෙදා හරින තොරතුරු තවත් අය සමග බෙදා හැරීමෙන් (ශෙයා කිරීමෙන්) වැළකී සිටිය යුතුය.

