,
Covid-19

කටුනායක ගුවන් තොටුපල වසා දැමේ

සති දෙකක කාලයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා.

මාර්තු 17 පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තීරණය ගෙන ඇති ජනාධිපති ලේකම් කාර්යාලේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

Rivira Ads
To Top