,
Covid-19

හමුදා නිලධාරියෙකුටත් වෛරසය ආසාදනය වෙලා – යුධ හමුදාපති

හමුදා නිලධාරියෙකුටද කොවිඩ්-19 කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙළිදරව් කර තිබෙනවා.

මාර්තු මස 10 හා 11 දින තුළ කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට විරුද්ධ වෙමින් කළහකාරි ලෙස හැසිරුණු අවස්ථාවේදී එය පාලනය කිරිමට දායක වු හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 16 දින නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් හමුදාපතිවරයා අනාවරණ කළා.

මුහුණු ආවරණ ගලවමින් කලහකාරී ලෙස හැසිරුණු අදාළ පිරිස පාලනය කිරීමට ඍජුව මැදිහත් වී ඇති එම නිලධාරියා, ඒ සම්බන්ධයෙන් මැදිහත් වූ අවස්ථාවේදී වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බව හමුදාපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීමටවත් ස්වයං විනයක් පවත්වාගැනීමේ අවශ්‍යතාවයද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළා.

Rivira Ads
To Top