2020 මහමැතිවරණය

නාමයෝජනා බාර ගැනීම අවසන්, නිවාඩුව දීර්ග කිරීමටත් තීරණයක්

2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා බාර ගැනිම මාර්තු 19 දහවල් 12.00න් අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ අනුව දහවල් 1.30 දක්වා විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එම විරෝධතා සලකා බැලීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අදාළ දිස්ත්‍රික්කයන් සදහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිත බව මැතිවරණ කොමිසම කියා සිටියා.

මාර්තු 18 දිනෙන් අවසන් ඇප මුදල් තැන්පත් කිරීම සඳහා වූ කාල සීමාව තුළ ස්වාධින කණ්ඩායම් 357ක් දිස්ත්‍රික්ක 22 සදහා ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණ කළා.

එම කාලය තුළ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා දේශපාලන පක්ෂ 82ක් නාමයෝජනා බාරදී තිබූ අතර ස්වාධින කණ්ඩායම් 250ක් ද නාමයෝජනා බාරදී තිබු බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර ලබා දී තිබෙන විශේෂ නිවාඩුව ලබන 27 වැනිදා දක්වා දීර්ග කර නිවසේ සිට රාජකාරි කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම බලපාන ලෙස නියෝගයක් නිකුත් කිරීමටද රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් නිල නිවේදනය නිකුත් කර නැත.

Rivira FB Group Rivira Youtube
To Top