කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාර වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මාර්තු 20 දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය මේ බව කියා සිටියා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථා වලදීද මෙම නියෝගය ක්‍රියාත්මකයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබෙන බව එම නිවේදනයේ දැක්වේ. පොදු ස්ථානවල දී හා ජනතාව රැස්වෙන ස්ථානවලදී මීටරයක පමණ පරතරයක් පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද එම නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා.
පුද්ගල දුරස්ථතාවය පවත්වාගැනීම සඳහා බස් රථ සහ දුම්රිය මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති මගීන් සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.
ඊට අමතරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සමූපකාර ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇති අතර එම ද්‍රව්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත රජය උපදෙස් ලබා දී ඇත.
මේ අතර පොලීසිය සඳහන් කළේ ඇඳිරි නීතිය පවතින සමයේ අසල්වාසීන් සමග හෝ රැස්වීම නීතියට පටහැනි බවයි. පුද්ගල කණ්ඩායම් ලෙස රැස්වීම කිසිසේත් නොකළ යුතු බව ඔවුන් අවධරණය කළා. එලෙස රැස්වීම් ප්‍රිය සම්භාෂණ පැවැත්වීම කිසිසේත් නොකළ යුතු බවද එවැනි අවස්ථා වලදී නිරෝධායන නීති හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරනු ඇති බවද කියා සිටී.

