කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව මාර්තු 20 දින වන විට දහස ඉක්මවා තිබෙනවා. චීනය, ඉතාලිය හා ඉරානය එම සීමාව පසු කළ අනිත් රටවල් 3යි.
මේ වන විට එරට සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 1041ක් දක්වා ඉහළ ගොස් ඇති ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 20,412ක් ලෙස සටහන් වී තිබෙනවා. මරණ සංඛ්‍යාව අතින් සිව්වැනි ස්ථානයේත් ආසාදිතයින් සංඛ්‍යාව අතින් තුන්වැනි ස්ථානයේත් ස්පාඤ්ඤය සිටිනවා.
ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරය එහි වැඩිම බලපෑමකට හසුවූ ප්‍රදේශයයි. එම ප්‍රදේශය තුළ පමණක් ආසාදිතයින් 7,165ක් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 6,745 සුවය ලබා ඇති අතර සක්‍රීය ආසාදිතයින් 11,466 ප්‍රතිකාර ලබමින් සිටිනවා.

