,
Covid-19

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ ස්විස් දේවගැතිවරයෙකුට වෛරසය ආසාදනය වෙලා, දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනය ආරියාලෙයි ප්‍රදේශයේ ඇති දේවස්ථානයක දී මාර්තු 15 ඉරිදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් පවත්වා ඇති බවත් පසුව ඔහු ස්විට්සර්ලන්තයට ආපසු ගිය පසු කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව අදාළ දේව මෙහෙයට සහභාගී වූ පිරිස් වහාම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙම අංකයට 0212227278 දැනුම් දෙන ලෙස ආණ්ඩුකාර කාර්යාලය ඉල්ලා සිටී.

Rivira Ads
To Top