කොවිඩ්-19

කලින්ම shut down කරා නම් රට සුරක්ෂිතයි – සජිත් ප්‍රේමදාස

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාර්තු 21 දින විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. කොවිඩ්-19 වසංගතය පැතිරීම යාම ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හා රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු එහිදී අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ අදාළ තීන්දු තීරණ ගැනීමේ දී පාලකයන් හිතුමනාපේ තීරණ ගැනීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි. ක්ෂණිකව ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය හේතුවෙන්ද විශාල පිරිසක් අසීරුතාවයට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.

අවශ්‍ය වේලාවේදී රට තුළ “shut down” ක්‍රමවේදය ක්‍රියාත්මක කළේ නම් රට සුරක්ෂිත වනු ඇති බවද සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට 2/3 අවශ්‍ය වීම නිසා මෙම තත්වය ඇති වූ බවටයි. අප්‍රේල් 30න් පසු රටේ මූල්‍ය පිළිබඳ තීරණ ගත නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියා.

එබැවින් මෙම අවස්ථාවේදී හෝ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කටයුතු කරන ලෙසද ඔහු බලකර සිටින බව කියා සිටියා. සංස්කරණය නොකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top