,
Covid-19

අනුරාධපුර බන්ධනාගාර ඛේදවාචකයෙන් 2ක් මරුට

අනුරාධපුර බන්ධනාගාරය තුළ මාර්තු 21 සෙනසුරාදා ඇති වු නොසන්සුන්තාවය අතරතුර වෙඩි වැදීමෙන් පස් දෙනෙකු රෝහල්ගත කර තිබූ අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටී. නිවේදනයන් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ සිදුවීම අතරතුර කිසිදු රැඳවියෙකුට බන්ධනාගාරයෙන් පලා යාමට හැකි වී නැති බවයි.

මාර්තු 21 සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා ආසාදිත බවට සැකපිට රැඳවියෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිටි තවත් රැඳවියන් පිරිසක් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් එම නොසන්සුන්තාවය ඇති වී තිබෙන අතර එය පාලනය කිරීමට යෑමේ දී ගැටුමක් ද ඇති වී තිබෙනවා.

ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් බන්ධානාගාරයෙන් මිදී පලා යෑමට උත්සහ කර ඇති අතර එය වැළැක්වීමට බන්ධානාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක්ද සිදුකර ඇත.

වෙඩි තැබීමෙන් ‍රැඳවියන් 5 දෙනෙක් තුවාල ලබා ‍අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් රෝගියෙකු මියගොස් තිබෙනවා. පසුව පැය කිහිපයකට පසුව තවත් රෝගියෙකු මිය ගිය බවයි රෝහල ප්‍රකාශ කළේ.

තත්වය පාලනය කිරීමට සහ කලහකාරී රැඳවියන් පැන යාම වැළැක්වීම සඳහා අනුරාධපුර ‍පොලීසිය, කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියා.

Rivira Ads
To Top