කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහමැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී තිබෙන බව 2167/19 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව ඡන්ද විමසීම සඳහා අප්‍රේල් 30 වන දිනය පසු වී දින 14කට පසු දිනයක් නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය මගින් දන්වා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) මගින් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව එම තීරණය ගෙන ඇති බවත් ඉදිරියේ දී නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවත් එහි දැක්වේ.


