,
Covid-19

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වෛරසය වාතයෙන් බෝවීම වළක්වන ක්‍රම WHO බලයි

කොවිඩ්-19 වෛරසයට සමහර තත්වයන් යටතේ වාතයේ නොනැසී පැවතිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා අනුගමනය කළ යුතු “වාතයෙන් බෝවීම වළක්වාගැනීමේ පූර්වාරක්ෂාවන්” ගැන සලකා බලමින් සිටී.

වෛරසය සම්ප්‍රේෂණය වන්නේ බිඳිති හෝ කුඩා දියර, බොහෝ දුරට කිවිසුම් යාමෙන් හෝ කැස්සෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පැවසීය. “ඔබ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී මෙන් ආවරණය වූ ප්‍රදේශයකදී වෛරසය දිගින් දිගටම වාතයට මුදා හරින ක්‍රියාවලියක් සිදු කරන විට, මෙම අංශු වායුගෝලීයකරණය කරන ලෙස හැඳින්වීමට ඔබට හැකියාවක් ඇත, එයින් අදහස් කරන්නේ ඒවාට තව ටිකක් වාතයේ රැඳී සිටිය හැකි බවයි.” යනුවෙන් පැවසීය.

ඒ අනුව ඇය පෙන්වා දුන්නේ “සෞඛ්‍ය සේවා සේවකයින් රෝගීන් සමග වැඩ කරන විට සහ එම ක්‍රියා පටිපාටි කරන විට අමතර පූර්වෝපායන් අනුගමනය කිරීම ඉතා වැදගත්” බවයි.

ලෝක සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ශ්වසන රෝග බෝවන්නේ මිනිසාගෙන් මිනිසාට ස්පර්ශ සිදුවන විට බවත්, කිවිසුම් යාම හා කැස්ස හරහා ගෙන යන ජල බිඳිති මෙන්ම අජීවී වස්තූන් මත ඉතිරි වන විෂබීජ ස්පර්ෂ වීමෙන් බවත්ය. කොරෝනා වෛරසය වාතයට යා හැකි අතර උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය වැනි සාධක මත පදනම්ව වාතයේ කොපමණ වේලාවක් පැවතිය හැකිද යන්න තීරණය වන බව ඔවුහු පැවසූහ.

කොවිඩ්-19 පැවතිය හැකි විවිධ පාරිසරික තත්ත්වයන් පිළිබඳව රටවල් ගණනාවක අධ්‍යයන කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් දන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කර්කෝව් පැවසීය. ආර්ද්‍රතාවය, උෂ්ණත්වය සහ පාරජම්බුල කිරණ වෛරසයට බලපාන්නේ කෙසේද යන්නත්, වානේ ඇතුළු විවිධ පෘෂ්ඨයන් මත එය කොපමණ කාලයක් ජීවත් වේද යන්නත් විද්‍යාඥයින් විශේෂයෙන් සොයා බලමින් සිටින බව ඇය පැවසුවාය.

සෞඛ්‍ය නිලධාරීන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිර්දේශ කරන්නේ N95 මුහුණු ආවරණය බවද ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් වාතයේ රැදෙන වෛරසය සුළඟ මගින් ගමන් කිරීමේ හැකියාවක් නැති බව මෙතෙක් තහවුරු වී ඇති බවද ඔවුන් කියා සිටියා. ආවරණය වූ ප්‍රදේශයකින් පිටතදී වෛරසයට පැවතිය නොහැකි බව මෙතෙක් කළ පර්යේෂණ වලදී අනාවරණය වී තිබෙන බවද ඔවුන් කියා සිටියා.

Rivira Ads
To Top