,
Covid-19

ශ්‍රී ලංකාව මගී ගුවන් යානා, නෞකා පැමිණීම තහනම් කරයි

සියළුම මගී ගුවන් යානා හා නෞකා රටතුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. මාර්තු 22 ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටින්නේ කොරෝනා වෛරසය පිට රට සිට මෙරටට ඇතුළ් වී නතර කිරීම පිණිස මෙම තීරණය ගෙන ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ ඇති වී තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු මෙම තීරණය ලිහිල් කළ නොහැකි බවද රජය එම නිවේදනයෙන් කියා සිටී.

කෙසේ වෙතත් ගුවන් තොටුපලේ වසා තිබුනේ පැමිණීමේ පර්යන්තය පමණක් වන අතර ශ්‍රී ලංකාවේ සිටින මගීන්ට පිටරට යාමේ අවස්ථාව තිබිණි. නව තීරණයෙන් පසුවද රටින් පිටවීමට ඇති අවස්ථාව ඇහිරී නොයන බව රජය කියා සිටී.

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ නෞකා සඳහා මෙම නියෝගය අදාළ නොවේ.

Rivira Ads
To Top