,
Covid-19

ඇඳිරි නීතිය නොතකා රටම අසීරුවට ලක් කළ 1754ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් මාර්තු 23 පෙරවරු 6 වන විට පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020.03.20 වන දින පස්වරු 6 සිට පනවන ලද ඇඳිරි නීතිය මාර්තු 23 පෙරවරු 6 දක්වා කාලය තුළ දිවයිනටම ක්‍රියාත්මක විය.

එම කාලය තුළ එය කඩකිරීම නිසා අත්අඩංගුවට පත් පිරිස සහ යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 447 ක් ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටී.

මාර්ගයේ නිකරුනේ ගැවසීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ හැසිරීම‍ හා වෙළඳාම් කිරීම ද හේතුවෙන් මෙලෙස මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ‍අදාළ පොලිස් ස්ථාන මඟින් නීතිමය කටයුතු සිදු කරනු ලබන බවද පොලීසිය කියා සිටිනවා.

එහෙත් අතශ්‍යවශ්‍ය සේවා හා කටයුතු සඳහා ඊට අදාළ පුද්ගලයින්ට ගමනා ගමනය කිරීමට පහසුකම් සළසා ඇති බවද පොලීසිය කියා සිටියා.

Rivira Ads
To Top