ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව මාර්තු 23 පස්වරුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.
මේ අතර සිරස රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේ ආසාදිත පුද්ගලයින් සමග සබඳතා පැවැත්වූ 18,000ක ප්‍රමාණයක් පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවයි. ඔවුන්ව ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයකින් පසුවන බවද ඔහු කියා සිටියා.
මේ අතර අදාළ IDH රෝහලේ වෛද්‍යවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පල වී තිබෙනවා. එහෙත් එම තොරතුර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙතෙක් තහවුරු කර නැත. එමෙන්ම එකම පවුලේ කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙන අතර එම තොරතුර සම්බන්ධයෙන්ද නිසි බලධාරියෙකුගේ තහවුරු කිරීමක් සිදු වී නැත.

