රිවිර.lk මාධ්‍ය ආයතනය වෙත බොහෝ තොරතුරු ලැබෙමින් පවතී. එහෙත් වසංගත තත්වයක දී මාධ්‍ය ආයතන විසින් වාර්තා කරන තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බව අපගේ විශ්වාසයයි. එබැවින් රජය විසින් පත් කර ඇති කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු විසින් හෝ සෞඛ්‍ය ඇමතිවරිය විසින් තහවුරු නොකළ විට අදාළ පුවත “නිසි බලධාරියෙකු” විසින් තහවුරු කර නොමැති තොරතුරක් ලෙස සටහන් කරමින් වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවද දැනුම් දිය යුතුය.
වසංගතයට අදාළ තොරතුරක් වාර්තා කිරීමේ දී තහවුරු කළ තොරතුරු ලෙස වාර්තා කරන්නේ ජනාධිපති කාර්යාලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය, පොලීසිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, වසංගත රෝග විද්‍යා අංශය යන ස්ථානවලින් ලබාදෙන තොරතුරු හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන තොරතුරු වේ. මීට අමතරව පුද්ගලයින් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සීතා අරඹෙපොල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ යන නිලධාරීන් සහ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන අය ප්‍රකාශ කරන තොරතුරු පමණි.
මීට අමතරව වෙනත් රටවලදී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ නම් එය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් තහවුරු කරන තෙක් තහවුරු නොකළ පුවතක් ලෙස වාර්තා කිරීමට පියවරගෙන තිබේ.

