,
Covid-19

ඉතාලියේ දී සිදුවූ බව කියන මරණය තහවුරු කළ නොහැක – විදේශ සබඳතා අමාත්‍යංශය

අවසන් වරට යාවත්කාලීන කිරීම – මාර්තු 25 පස්වරු 4ට

ඉතාලියේ මෙසිනා නගරයේ දී 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ඉතාලියේ දී වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකුද මරණයට පත්වූ බවට වාර්තා (මාර්තු 25 පෙරවරු 9ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතාලියේ මෙසීනා නගරයේ ජීවත්ව ඇති 70 හැවිරිදි ලාංකික පුද්ගලයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව කියන අතර ඔහු එම වෛරසය ආසාදනය වී බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ. ඔහු වෛරසය හේතුවෙන් මරණයට පත්වූ එකම ශ්‍රී ලාංකිකයා බවද ආරංචි මාර්ග පවසයි.

අදාළ ලාංකිකයා ඉතාලියේ මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර ඔහුගේ මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මිලානෝ තානාපති කාර්යාල හෝ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙතෙක් එම තොරතුර තහවුරු කර නැති අතර විදේශ කටයුතු අමාත්‍යංශය සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Rivira Ads
To Top