2020 මහමැතිවරණය

මැතිවරණ දිනය කල් දැමුවාට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි

මැතිවරණ දිනය කල් දැමුවාට, මැතිවරණ නීතිය වලංගු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටී. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ඇතැම් අපේක්ෂකයින් කොරෝනා වෛරසයට සහන සැළසීමේ මුවාවෙන් ඡන්ද අල්ලස් ලබා දී ඡන්ද ලබා ගැනීමේ අප්‍රිය ජනක කටයුතුවල නිරත වන බවට පැමිණිලි ලැබෙන බවයි.

එවැනි තත්වන් හසුවුවහොත් මැතිවරණ නීතිය යටතේ කටයුතු කරන බව මහින්ද දේශප්‍රිය අවධාරණය කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අර්බුධ හරහා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට කටයුතු කරන පිරිසක් සිටින බවයි.

මහමැතිවරණයට ඉදිරිපත් වීමට සිටින ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරු කොරෝනා මුවාවෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය පවා අහිමි විය හැකි වරදක් බව ඔවුන් දැනගත යුතු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම කැබිනට් ඇමතිවරු පවා එවැනි කටයුතු වල නිරත වුවහොත් පසු කාලීනව ඡන්ද පෙත්සම් හරහා ආසනය පවා අහිමි විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

එහෙත් කොවිඩ්-19 පරාජය කිරීමට සියලු දෙනා කිසිඳු භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය.

Rivira FB Group Rivira Youtube
To Top