,
Covid-19

සේනාධිපති රු. මිලියන 300ක් දෙන්න සූදානමින්

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විඩීයෝ පටයක් නිකුත් කරමින් පවසන්නේ වෙන්ටිලේටර් යන්ත‍්‍ර මෙරටට ගෙන ඒම සඳහා තම පුද්ගලික ධනයෙන් රුපියල් මිලියන 300 ක් වියදම් කිරීමට තමන් කැමති බවයි.

සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කළ සේනාදිපති කියා සිටියේ චීනයෙන් එම යන්ත්‍ර 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙන ඒමට තමාට හැකි බවයි.

චීනයෙන් අදාළ යන්ත්‍ර ගෙන ඒමට ගුවන් යානයක් සකස් කර දෙන ලෙස සේනදීපති රජයෙන් ඉල්ලා සිටී.

එහෙත් තමා ද ඉතා අපහසුතා මත සිටින බැවින් අදාළ මුලද පොලියක් නොමැතිව යළි දිනෙක තමාට ලබා දීමට රජය කටයුතු කරනු ඇති බව තමා අපේක්ෂා කරන බවද නිශ්ශංක සේනාධිපති කියා සිටී.

රෝගීන් රෝහල්වලට ඇතුළත් කරන තෙක් අවශ්‍ය සේවා සැපයීම සඳහා අංගසම්පූර්ණ හදිසි ජංගම ඒකක 25 ක් සකස් කර ඇති බවද සේනාදීපති වැඩිදුරටත් පැවසීය. එම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු යටතේ සිටින කමාන්ඩෝ භටයින් පුහුණු කරනු ඇති බවද සේනාදිපති පැවසීය.

මෙහිදී තවත් මුදල් අවශ්‍ය වන්නේ නම් තම නිවස රුපියල් මිලියන 500කට උගස් තබා එම මුදලද ලබාගත හැකි බවද ඔහු කියා සිටී.

Rivira Ads
To Top