,
Covid-19

වේල්සයේ කුමරුටත් වෛරසය ආසාදනය වෙයි

71 හැවිරිදි වේල්සයේ චාල්ස් කුමරු මාර්තු 24 අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පෙන්නුම් කරන නමුත් යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බව රජ පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය. 72 හැවිරිදි කැමිලා කුමරියද කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි කළ පරීක්ෂණයේදී වෛරසය වැළඳී නැති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට චාල්ස් සහ කැමිලා බැල්මොරල්හි ස්වයං නිරෝධායනයකට ලක් වී සිටිති.

බකිංහැම් මාලිගය පැවසුවේ රැජින අවසන් වරට ඔටුන්න හිමි කුමරු මාර්තු 12 දින හමුවූ බවත් ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටි බවත් ය.

එම රැස්වීමට එඩින්බරෝ ආදිපාදවරයා නොපැමිණි බවත්, රැජින ද සියලු උපදෙස් අනුගමනය කරමින් නිරෝධායනය වෙමින් සිටින බවත් මාළිගාව තවදුරටත් පැවසීය.

“මෑත සතිවල දී කුමරු සිය සාමාන්‍ය රාජකාරි ඉටු කළ නිසා ඔහුට වෛරසය වැළඳී ඇත්තේ කාගෙන්දැයි නිශ්චය කළ නොහැකි.” යනුවෙන් එහි ප්‍රකාශකයෙකු පවසා තිබේ.

චාල්ස් හා කැමිලා මාර්තු 22 ඉරිදා ස්කොට්ලන්තයට ගොස් ඇති අතර චාල්ස් සති අන්තයේ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට ඇති අතර සඳුදා ඇබර්ඩීන්ෂයර් හි දී පරීක්ෂණයක් සිදුකරන ලදී.

එහිදී වෛරසය පිළිබඳ ධනාත්මක බව පෙන්වමින් මාර්තු 24 අඟහරුවාදා රාත්‍රියේ ප්‍රතිඵල ලැබී තිබේ.

Rivira Ads
To Top