රාජ්‍ය ඔසුසැල් හැර අන් සියළුම ෆාමසි ඇතුළු වෙළඳසැල් සියල්ලම ඇඳිරි නීති කාල සීමාව තුළ වසා දමන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ ඇඳිරි නීති කාල සීමාව තුළ ලබා දී තිබූ නිදහස අවභාවිත කර විශාල ලෙස නගරවලට රැස්වීම හේතුවෙන්. මාර්තු 27 දින විශේෂ නියෝගයක් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඖෂධ නිවසටම ගෙන්වාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. එම ක්‍රමය ඔස්සේ දිවයින පුරාම හඳුනාගත වෙළඳ සැල් හරහා තමන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගත හැක. එම ක්‍රමය පහතින්.
රටපුරා හඳුනාගන්නා ලද ඖෂධහල් ජාලයක් හරහා තමන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී ඇත.
https://bit.ly/slpharm දිගුවට පිවිසීමෙන් ඔබගේ ප්‍රදේශයේ ඇති නම්කල ඖෂධහල් හා ඒවා දුරකථනයෙන් හෝ Viber හෝ WhatsApp සේවාවන් හරහා සම්බන්ධ කර ගත හැකි අංකයන් ලබාගත හැක.


